Sunday, March 18, 2012

වේග සීමා නෑ! IBM විද්‍යාඥයන් ගෙන් ‘ක්වන්ටම් පරිගණකය’! දැනට ඇති සුපිරිම පරිගණකවලට වඩා වේගවත්!



මේ මිහිපිට දැනට තනා ඇති සුපිරිම පරිගණකවලට වඩා වේගවත් පරිගණකය ලෙස සැලකෙන ‘ක්වන්ටම් පරිගණකය’ තැනීමේ සිහිනය සැබෑ කර ගන්න IBM ආයතනයේ විද්‍යාඥයන් දැන් සූදානම්.

ඔවුන් දැනටමත් ඒ සඳහා අවශ්‍ය උපාංග නිර්මාණය කරල ඉවරයි. ඔවුන්ගේ ඊළඟ පියවර පරිගණක පද්ධති නිර්මාණය කිරීමයි.

ඒ අනුව තැනෙන ‘ක්වන්ටම් පරිගණකය’ට මිලියන ගණනක් ගණනය කිරීම් එසැණෙකින් කළ හැකියි. මිහිපිට ඇති  ඕනෑම පරිගණක කේතයක් එසැණ විකේතනය කළ හැකියි. 

මිලියන ගණනක් ගණනය කිරීම් එසැණ කළ හැකි සිලිකන් චිපය - මෙහි අධි-තාක්ෂණ ‘ක්විබිට්ස්’ තුනක් රැඳවිය හැකියි.


මේ වන තෙක් මිනිස් මොළයට විසඳන්නට නොහැකිව ඇති සියලූ ගණිත ගැටලූ විසදා ගන්නත් මේ අනුව අවස්ථාව පෑදේවි.

ක්වන්ටම් පරිගණකයක් තැනීමට මුලින් ම යෝජනා කළේ 1981 දී භෞතික විද්‍යාඥ රිචඞ් ෆේන්මන්. වසර දශක කීපයක්ම න්‍යායට පමණක් සීමා වී තිබුණු දැන් කි‍්‍රයාවට නැංවීමට ආසන්නයි.

”අතීතයේ දී සමහරු කීවේ මේක තවත් වසර පනහකින්වත් සැබෑවෙන සිහිනයක් නොවන බවයි.” IBM ආයතනයේ වොට්සන් පර්යේෂණ මධ්‍යස්ථානයේ මාක් කෙචන් කියනවා. ”මාත් එක වෙලාවකට එහෙම හිතුවා. ඒත් මං දැන් දන්නවා අවුරුදු 15ක් නැත්නම් ඊට කලින් මේක සැබෑවෙන්න යන බව.” 

IBM විද්‍යාඥයන් මේ ක්විබිට්ස් නිර්මාණය කර ඇත්තේ විස්මිත ක්වන්ටම් භෞතික විද්‍යාවේ න්‍යායන් උපයෝගී කර ගෙනයි. ඒ අනුව ක්වන්ටම් පරිගණකයක බිටුවක් වෙනුවට ඇත්තේ ක්විබිටුවක්. ඒ ක්විබිටුවක 1 හා 0 යන දෙකම එක විට රැඳවිය හැකියි.

ක්විබිටු 250ක් අරාවක් තැනුවොත් එහි අඩංගු කළ හැකි තොරතුරු හා දත්ත රැඳ වූ බිටු ගණන, මෙම විශ්වයේ ඇති සියලූම පරමාණු සංඛ්‍යාවටත් වඩා වැඩි වේවි.

IBM විද්‍යාඥයන් කියන්නේ ඔවුන්ගේ ඊළඟ පියවර වන්නේ මේවා සකි‍්‍රයව යොදා පද්ධතියක් ගොඩ නැඟීමයි. ඔවුන් කියන්නේ 2009 දී මෙය ආරම්භ කළ තැන් සිට මේ වන විට දහස් ගුණයක දියුණුවක් මේ ව්‍යාපෘතිය ලබා ඇති බවයි. 

දිගින් මිලිමීටර් එකකට වඩා නැති මේ ‘ක්විබිට්’ එකක් තැන්පත් කර තියෙන්නෙ කුඩා සැෆයර් චිපයක කුහරයක් තුළයි. ඒ කුහරය සම්පූර්ණ වන්නේ ඒ දෙක එක’ටෙක ළං කළාමයි. IBM විශ්වාස කරන්නේ මේවා දහස් ගණනක් එනිනෙකට සම්බන්ධ කළ විට අති ප‍්‍රබල පරිගණක නිර්මාණය කළ හැකි බවයි.

IBM විසින් නිපදවා ඇති 3D ක්විබිට් උපාංගය - මේ කුඩා ක්විබිට්ටුව රඳවා ඇත්තේ කොටස් දෙක එක් කළ විට සෑදෙන කුහරයේයි. මිනුම් කරනු ලබන්නේ ඈඳනයන්ට මයික්‍රෝවේව් සංඥා යැවීමෙනි.

සාමාන්‍ය සිලිකන් චිපයක අධි-තාක්ෂණ ක්විබිට්ස් තුනක් රඳවා ඇති අයුරු

”අප දැනට කර ගෙන යන්නේ විද්‍යාගාරයක කෙරෙන සාමාන්‍ය භෞතික විද්‍යා පරීක්ෂණයක් වැනි දෙයක් නොවෙයි. මේක මේ පරිගණක කටයුතු නව මාවතකට යොමු කරන එකක්” IBM විද්‍යාඥ මතියස් ස්ටෙෆන් කියනවා.

”මේ අනුව දත්ත විකේතනය කිරීමේ ක්ෂෙත‍්‍රයෙන් විශාල ඉදිරි පියවරක් තැබීමට හැකි වේවි. එසේම දැවැන්ත සංඛ්‍යාත්මක ගණනය කිරීම්වලටත් අති සංවේදී තොරතුරු කේතනය කිරීමට මෙන්ම විකේතන කිරීමටත් හැකි වේවි, මේ ක්වන්ටම් පරිගණක මගින් නුදුරු අනාගතයේම” IBM ආයතනය කියනවා. 

දැනටමත් විද්‍යාඥයන් වෙනස් ආකාරයේ ක්වන්ටම් පරිගණක තාක්ෂණික ක‍්‍රම කීපයක්ම අත්හදා බැලීමට ලක් කර තියෙනවා.

දැනට ලබා ඇති ප‍්‍රතිඵලවලට අනුව IBM විද්‍යාඥ පිරිස සමත් වී තියෙනවා, ක්විබිට්ස්වල ක්වන්ටම් තත්වය මයික්‍රො තත්පර 100ක් දක්වා පවත්වා ගෙන යන්නට. ඒක කලින් තිබුණාට වඩා 2 සිට 4 ගුණයක් දක්වා වර්ධනය වීමක්. මේ අගය දත්ත දෝෂ අවම කර ගැනීමට අවශ්‍ය පරිසාද මට්ටමක්. දැන් ඔවුන්ට ඉතිරිව ඇත්තේ ක්වන්ටම් පරිගණකය නිම කිරීමේ අනෙක් කාර්යයන්ට අත ගැසීමයි. ”ලෝකය පුරා සිටින පර්යේෂකයන් අපේක්ෂා කරන අංග සම්පූර්ණ ක්වන්ටම් පරිගණකය තනන්නට අවශ්‍ය අවම කරුණු සපුරා ගන්නට ආසන්න තත්වයකයි දැන් අප සිටින්නේ.” ඔවුන් ඒ ගැන කියනවා. 

ජර්මනියේ ජුලීක්හි ෆෝෂුන්සෙන්ට‍්‍රම් ආයතනයේ හා ආචෙන් විශ්ව විද්‍යාලයේ ක්වන්ටම් තොරතුරු තාක්ෂණ ආයතනයේ මහාචාර්ය ඬේවිඞ් ඩිවින්සෙන්සෝ කියන්නේ, ” IBM ආයතනයේ සුපිරි සන්නායක ක්විබිට් පර්යේෂක කණ්ඩායම මෙතෙක් දක්වා ඇති ප‍්‍රගතිය අනුව ඔවුන් පැහැදිලිවම විශ්වාසදායී, සර්ව සම්පූර්ණ, ක්වන්ටම් පරිගණකයක් නිපදවීමට හැකි මාවතක ගමන් කරන බව කියන්න පුළුවන්. දැන් ඒ ඉලක්කය ළඟදීම සපුරා ගනු ඇතැයි මම විශ්වාස කරනවා” කියායි. 

ක්වන්ටම් පරිගණක ක‍්‍රමය ලොව මුළුමනින්ම වෙනස් කරනවා යැයි කියන්නේ ඇයි?

සාමාන්‍ය පරිගණකයක් තේරුම් ගන්නේ බිටුවක් මූලික තොරතුරු ඒකකයක් හැටියටයි.

එය හරියට විදුලි බල්බයක් නිවෙනව දැල්වෙනවා වගේ, බිටුවක ඇත්තේ අගයන් දෙකකින් එකක් පමණයි. එය 1 හෝ 0 වශයෙන් දැක්විය හැකියි.

ක්විබිටුවක හෙවත් ක්වන්ටම් බිටුවකට මේ අගයන් එකක් හෝ දෙකම හෝ එක විට දැරිය හැකියි.
මේ නිසා ක්වන්ටම් පරිගණකවලට ගණනය කිරීම් මිලියන ගණනක් එක විට කළ හැකියි.

අද පවතින පරිගණකවලටත් ඉතා වේගයෙන් ගණනය කිරීම් කළ හැකි වුවත් ඒත් ඒවාට එක විට කළ හැක්කේ සීමිත ගණනය කිරීම් ප‍්‍රමාණයක් විතරයි.

එහෙත් සම්පූර්ණ සකි‍්‍රය ක්වන්ටම් පරිගණකයකට මිලියන ගණනක් ගණනය කිරීම් එක විට කළ හැකියි. එක මොහොතක් තුළ එය මිනිස් වර්ගයා විසින් මේ යුගයේ බිහිකළ එකම අති ප‍්‍රබල පරිගණක වේවි.

හිමාල අඩවියෙන් හමුවුණු යෝධ සමනලයෙක් !



මේ සමනලයෙක් (butterfly) නෙවෙයි, රෑ සමනලයෙක්. හරියටම කියනවා නම් ශලබයෙක් (moth). කොහොමද මේ වගේ එකෙක් ඔබේ ඇඳුම් අල්මාරියෙ ඉන්නව දැක්කොත්. ඔබ යටිගිරියෙන් කෑගසාවි.

මේ තමයි, ලෝකයේ ඉන්නා ලොකු ම ශලබයා. ඇට්ටාකුස් (Attacus) හෙවත් ඇට්ලස් ශලබයා. ඊසාන දිග ඉන්දියාවෙ මහපාරක් අද්දරදි හමුවුණේ.



මේ ශලබයාගේ පියාපත් විදා හල විට දිග සෙන්ටි මීටර් 25ක් විතර ඇති. ඉන්දියානු ජාතික සන්දේශ් කපුර් හිමාල කඳුකරය දෙසට යද්දී තමයි අලංකාර සත්වයා මුණ ගැහුණේ.

යෝධ ශලබයෙක් නිසා මං හිතුවා ඌ මට පහර දෙයි කියලා. අත්තටු විදහලා මගේ ඇඟ කඩා පින්න වගෙයි හැදුවේ.

ඒත් ඡායාරූප ශිල්පියා කළේ හිතේ ඇති වුණු බය යටපත් කර ගෙන අල්ල පාලා ඌව අර ගෙන පාර අයිනේ තැනකට ගෙනහින් තියලා කැමරාවට නගපු එකයි.

සන්දේශ් කපූර් ඡායාරූප ශිල්පියාට හිමාලය දෙසට විහිදුණු මගක දී හමු වුණු ශලබයා මඟ අයිනේ දිය බොමින් සිටි අයුරු.

මේ ශලබයා ලොකුවට පෙනුනට කවුරුත් බය වෙන්න කාරි නැහැ. ඒ තරමටම මේ සතා අහිංසකයි. 
මේ ඇට්ලස් ශලබයාට මේ නම යොදන්න හේතුව යෝධකමයි, සිතියම් පොතක වර්ණවත් සිතියමක් වගේ සිරුරක් ඌට තියෙන හින්දයි. 

මේ ඇට්ලස් ශලබයන් වැඩිපුර දක්නට ලැබෙන්නේ මලයානු අර්ධද්වීපය ඇතුළු දකුණු ආසියාවේ ඝර්ම කලාපීය වනාන්තරවලයි. 

සමනලයයි ශලබයයි අතර වෙනස කුමක්ද?
ලෙපිඩොප්ටෙරා (Lepidoptera) කියන පොදු වර්ගයට අයත් මේ දෙ වර්ගයේ වෙනස්කම් ගොඩක් තියෙනවා. ඔවුන් පහසුවෙන් වෙන් කර හඳුනා ගන්න ඇති පහසු ම ක‍්‍රමය ඇන්ටෙනාවල පිහිටීම විමසා බැලීමයි. 

සමනලයාගේ ඇන්ටෙනා කෙඳි සිහින්ව ඉදිරියට විහිදෙනවා. ඒවායේ තුඩු අගින් මහත් ව මුගුරක හැඩයක් ගන්නවා. මඳක් දෙ පසට විහිද යන ආකාරයක් පෙනෙනවා. 

ශලබයාගේ ඇන්ටෙනා එසේ සිහින් නැහැ, මඳක් මහතයි, විවිධ හැඩ ගන්නවා. සමනලයාගේ මෙන් ඒවායේ තුඩු අග මුගුරක හැඩයක් ගන්නේ නැහැ. ඒවායේ බූවක් දක්නට ලැබෙනවා. බොහෝ ශලබයන්ගේ ඇන්ටෙනා අගින් මඳක් ඇතුළට වෙන්න නැමී පිහිටනවා. 

මේ හේතූන් නිසා ඔවුන් උප ගෝත‍්‍ර දෙකකට එනම් සමනලයන් (මුගුරු ඇන්ටෙනා සහිත යන අරුත් ඇතිව) රොපැලසෙරා (Rhopalecera) හා ශලබයන් (විෂම ඇන්ටෙනා සහිත යන අරුත් ඇතිව) හෙටරොසෙරා (Heterocera) කියා වෙන් කොට දක්වනවා.

සමනලයා ලගින විට හෝ මලකට වසන විට පියාපත් ඉහළට එකතු වන සේ තබා ගන්නා අතර ශලබයා පොළොවට සමාන්තරව පිහිටන සේ තබා ගන්නවා.

ශ‍්‍රීමත් ඬේවිඞ් ඇටෙන්බරෝ බීබීසී වැඩසටහනක දී ඇට්ලස් ශලබයකු පියාපත් විදහා දැක් වූ හැටි.



Read more: http://www.malkakulu.com/2012/03/blog-post_13.html#ixzz1pULLSH3E

නිවසේ තනිකම මකා ගන්නට අන්තර් ජාලයට පිවිසුණු තරුණ බ්ලොග්කරුවා අද කෝටිපතියෙක්!


මේ වාසානවන්ත බ්ලොග් ලියන්නකුගේ කතාවක්. ස්කොට්ලන්තයේ නිදන කාමරයට වෙලා තනිකම නැති කර ගන්න පටන් ගත්තු බ්ලොග් එකක් නිසා අද ඔහු කෝටිපතියකු බවට පත් වෙලා. ඇමරිකාවේ අංක එකේ මාධ්‍ය ආයතනය වූ CNN දැන් ඔහුගේ බ්ලොග් එක ඩොලර් කෝටි විස්සකට මිල දී ගන්න යනවා. ඔහු මේක පටන් අරන් තියෙන්නෙ ඇඳෙන් නැඟිටින්නෙ නැතුව කරන්න පුළුවන් දෙයක් හැටියටයි. 


පීට් කෑෂ්මෝ Pete Cashmore දැන් 26 හැවිරිදි තරුණයෙක්. ඔහුගේ මාෂබල් කොම් Mashable.com බ්ලොග් අඩවිය පටන් ගත්තෙ 2005 දී ස්කොට්ලන්තයේ ඇබර්ඞීන්ෂයර්හි බැංකරි නම් කුඩා නගරයේ සිටයි. එතකොට එයාගෙ වයස අවුරුදු 19යි. පාඩම් කරල කම්මැලි හිතුනාම එයා මේ බ්ලොගය ලියන්න පටන් ගත්තා.

අවුරුදු හතකට පස්සේ ඔහු පටන් ගත් ඒ තාක්ෂණික පුවත් සපයන බ්ලොග් අඩවිය සඳහා ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සිය ප‍්‍රධාන කාර්යාලය පවත්වා ගෙන යනවා.

ඔහුගේ නමෙත් විශේෂත්වයක් තියෙනවා. ගමෙත් විශේෂත්වයක් තියෙනවා. නම ‘කෑෂ්මෝ’ කියන්නේ ‘තවත් මුදල්’ කියන තේරුමයි. නමට හරියන්න ඔහු ලෝකයේ ලොකුම පොහොසතෙක් වෙලා. ඔහුගේ ගම, ‘බැංකරි’ කියන්නේ ‘ආශිර්වාද ලත් බිම’ කියන තේරුමයි. එක්සත් රාජධානියේ ඈත කොණක පිහිටි බැංකරි කියන කුඩා නගරය අද ඔහු නිසා ‘අසිරිමත් තැනක්’ වෙලා ඉවරයි.

පීට් කෑෂ්මෝ තවත් මුදල් ලබා මිලියන පතියෙක් වේවි, ඔහුගේ බ්ලොග් අඩවිය විකුණුවාම. මේ ඉන්නේ ඔහු වාසනාවන්ත පෙම්වතිය ලියා බෙටනියි.


CNN ආයතනය ඔහුගේ ‘මාෂබල්’ බ්ලොග් අඩවිය මිල දී ගත් විට තරුණ බ්ලොග්කරුවකු ලෙස ඇරඹි ඔහු ජීවිතයේ ‘ඩොට්කොම්’ කෝටිපතියකු වෙමින් තවත් සන්ධිස්ථානයක් පසු කරාවි.

දැන් ඔහුගේ බ්ලොග් අඩවියේ රැකියාව කරන ගණන 40කටත් වැඩියි. ඔහුගේ මාෂබල්.කොම් බ්ලොග් අඩවිය මගින් අන්තර් ජාලයේ ඇති සමාජගත මාධ්‍ය තොරතුරු, තාක්ෂණික දැනුම හා උපදෙස් සරලව පහදා දෙනවා. ඒ බ්ලොග් අඩවිය මගින් අන්තර් ජාලය භාවිත කරන ලක්ෂ සංඛ්‍යාත අනුග‍්‍රාහකයන්ට අවශ්‍ය විවිධ සේවා සපයනවා. ඔවුන්ට අන්තර් ජාලයෙන් උපරිම ඵල නෙළා ගැනීමට උදවු වෙනවා. ඒ මගින් අන්තර් ජාලයේ අලූතින් ඇරඹෙන කුඩා ආයතනවල සිට ෆේස්බුක් facebook ටීවිටර් tweeter වැනි විශාල ලෙස ව්‍යාප්ත ආයතන දක්වා අනුග‍්‍රාහකයන්ට අවශ්‍ය දැනුම හා විවිධ සහය සපයනවා. එහි පිටු බලන ගණන මාසයකට කෝටි පහ ඉක්මවනවා. 

පීට් කෑෂ්මෝ දැනටමත් ක්‍භභ ආයතනයට බ්ලොග් තීරු සටහනක් ලියනවා.

ඔහු ගියේ බැංකරි නගරයේ තිබූ බැංකරි ඇකඩමි නම් වූ පාසලටයි. වයස අවුරුදු 13 දී කළ ඇපෙන්ඩිසයිටිස් ශල්‍ය කර්මයක් නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් ඔහුට පාසල් ගමන ක‍්‍රමවත්ව කරන්න බැරි වුණා. ඔහුට වැඩිපුර ගෙදරටත් ඇඳටත් වී සිටින්නට සිදු වුණා. අධ්‍යාපන කටයුතුවලින් ඔහු පසුබා සිටියා. 

මේ කාලයේ තමයි ඔහු අන්තර් ජාලය වෙත යොමු වුණේ. ලැජ්ජාශීලී ගැටවරයකු වූ ඔහු නිදන කාමරයට වී අන්තර් ජාලය ඔස්සේ බ්ලොග් සටහන් තබන්නට පටන් ගත්තා. ඔහු ඒ සඳහා තෝරා ගත්තේ සමාජගත මාධ්‍යයි. අන්තර් ජාලයේ සැරිසරණ සමාජයට, අවශ්‍ය දේ සොයා බලා සපයන්නට සිත යෙදෙව්වා. 

කෑෂ්මෝ ඉගෙන ගත් බැංකරි ඇකඩමිය. රෝගීවීම නිසා ඔහුගේ ඉගෙනීම කඩාකප්පල් වුණා.

මේ කාර්යයේ යෙදෙද්දී ඔහු ඉන් අමුතු ආශ්වාදයක් ලැබුවා පමණක් නොව ඇඳේ සිටිද්දීම තමා කිසියම් ප‍්‍රයෝජනවත් දෙයකට අත ගසා ඇති බව ඔහුට දැනුණා. රෝගීව සිටියදී පවා අමුතු ප‍්‍රාණවත් බවක් ඔහුට දැනුණා.

ඉතා ඉක්මනින් ඔහුගේ බ්ලොග් අඩවිය ජනපි‍්‍රය වෙන්න පටන් ගත්තා. ඒ නිසා ඔහුට දැන්වීම් පළ කිරීමෙන් ආදායමක් ද ලබා ගත හැකිවුණා. ඒ මුදලින් ඔහු තවත් ලේඛකයකු සේවයට ගත්තා.

ඔහුගේ ජීවිතය වෙනස් මඟකට යොමු වුණේ මේ අවස්ථාවේ දියි. ඔහු විශ්ව විද්‍යාලයට යාම පසෙකලා වෙබ් අඩවිය වෙනුවෙන් සම්පූර්ණ කාලය කැප කරන්න තීරණය කළා. 

කෑෂ්මෝ තම ‘මාෂබල්.කොම්’ වෙබ් අඩවිය ආරම්භ කළේ බැංකරි හී පිහිටි මේ කුඩා නිවසේ ඔහුගේ නිදන කාමරයේ දීයි.

ඔහුගේ කඩවසම් පෙනුම නිසා ‘බ්ලොග් ලෝකයේ අයස්කාන්තයා’ ලෙස හැඳින්වෙනවා. 2010 දී ටයිම් සඟරාව නම් කළ ලෝකයේ විශිෂ්ටයන් 100 දෙනා අතර ඔහුත් සිටියා. ෆෝබ්ස් සඟරාව නම් කළ 2010 දී වසරේ හොඳම වෙබ්කරුවන් 25 දෙනා අතරට ඔහුව තෝරා තිබුණා. 2011 දී වර්ල්ඞ් ඉකොනොමික් ෆෝරම් නම් අන්තර් ජාතික ආයතනය විසින් තරුණ ලෝක නායකයකු ලෙස ඔහුව නම් කරනු ලැබුවා. 

කෑෂ්මෝ සිය පෙම්වතිය වූ බෙටනි වෙනුවෙන් ස්කොට්ලන්තයත්, සිය වෙබ් අඩවියේ කාර්යාල නිසා ඇමරිකාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ හා නිව්යෝක් නගර අතරත් යමින් එමින් තමයි දිවි ගෙවන්නෙ.

මාෂබල් වෙබ් අඩවියේ නැඟීම ගැන සඳහන් කරමින් කෑෂ්මෝ කලකට පෙර කැනඩාවේ ‘ග්ලෝබ් ඇන්ඞ් මේල්’ පුවත්පතට කීවේ, ”මට වැලියෙ අයත් එය කිසිම සම්බන්ධයක් නෑ, මම වැලියට ගිහිල්ලත් නෑ.” ඇමරිකාවේ පරිගණක දැවැන්තයන් සිටින ‘සිලිකන් වැලි’ ගැනයි ඔහු එසේ සඳහන් කළේ. ඔහු එසේ අදහස් දැක්වුයේ තමන්ට පරිගණක දැවැන්තයන්ගේ ඇසුර ලබන්නටවත්, ඒ පැත්තෙන් ලොකු දැනුමක් ලබන්නවත් අවස්ථාවක් නොමැති වූ බවත් කියන්නයි. 

ඔහුගේ සමාගමෙහි දැන් වටිනාකම පවුම් මිලියන 127ක් ලෙසයි දැක්වෙන්නේ. ඔහුට දැන් ඇමරිකාවේ නිව්යෝක් නගරයේ හා සැන් ෆ‍්‍රැන්සිස්කෝවල කාර්යාල දෙකක් තියෙනවා. ඒ අතර ම ඔහු ස්කොට්ලන්තයේ ජීවිතය අත්හැර නැහැ. මෝස්තර නිරූපිකාවක් හා ඡායාරූප ශිල්පිනියක් වූ ඔහුගේ පෙම්වතිය ලිසා බෙටනි හමුවෙන්නත් මාෂබල් කාර්යාල දෙකේ කටයුතුවලටත් ඔහු නිතර ඇමරිකාව හා ස්කොට්ලන්තය අතර යමින් එමින් තමයි දැන් ඉන්නෙ. 

CNN හිමිකරු ටෙඞ් ටර්නර්

”මං බාහිර පුද්ගලයකුගේ ඇසින් තමයි, මේ දිහා බැලූවේ. ඒක මට වාසියක් වුණා. ලොව පුරා විශාල පිරිසක් ඉන්නවා, අලූත් අලූත් මෙවලම් ගැන දැන ගන්න කැමති. ඒ වගේ ම ෆේස්බුක්, ට්වීටර් වගේ ඒවා පාවිච්චි කරන්නෙ කොහොමද, ඒවායින් ප‍්‍රයෝජන ගන්නෙ කොහොමද කියල දැන ගන්න කැමති; ඒ වගේ ම වෙනත් තාක්ෂණික කරුණු ගැන සරලව අවබෝධ කර ගන්න කැමති. මගේ උනන්දුව තිබුණෙ ඔය වගේ දේ ගැනයි. මං ඒ අවශ්‍යතා සපයන්නයි හැදුවේ” 

කෑෂ්මෝගේ වෙබ් අඩවියේ පිටුවක්. මෙය දැන් පවුම් මිලියන 127ක් වටිනාකමක් ඇති පන්කෝටියක් ජනතාව නරඹන එකක්.

කෑෂ්මෝට දැන් ඉන්නවා ට්වීටර් එකේ විතරක් අනුග‍්‍රාහකයන් ලක්ෂ විසි දෙකක්. ඔහු කියන්නේ ඔහුගේ පාවිච්චියට ටෙලිවිෂන් සෙට් එකක්වත් නැති බවයි. ඔහු චිත‍්‍රපට බලන්න යන්නෙත් නැහැ. ඔහු වඩා කැමති අන්තර් ජාලය හා සම්බන්ධ වී කටයුතු කරන්නයි. 

ඔහු ඔහුගේ මේ වෙබ් අඩවිය ගැන දෙමව්පියන්ටවත් කියලා නැහැ. ඬේලි මේල් වාර්තාකරු ඇවිත් ගෙදර තට්ටු කළාමයි ඒ අය දැන ගෙන තියෙන්නෙ ඔවුන්ගේ පුතාගෙ මේ හපන්කම ගැන.

තාක්ෂණික බ්ලොග්කරුවකු වන ෆීලික්ස් සැමන් තමයි, CNN ආයතනය මේ බ්ලොග් අඩවිය මිල දී ගන්න යන බව කලින් ම කීවේ. ඬේලිමේල් පුවත්පතේ මේ ගැන වාර්තාවක් පළ වුණා. CNN ආයතනය ඒ ගැන තවමත් යමක් ප‍්‍රකාශ කරල නැහැ. ඒත් ඒ ගැන සාකච්ඡා පවත්වලා තියෙනවා.