Friday, September 14, 2012


ජීවිතයට උපදෙස්......

මට ගොඩක් දවසකට කලින් ලැබුණු email එකක තිබුණු වටින සිතුවිලි ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්න සිතුනා.

1. කෙනෙකු අපේක්ෂා කරන තරමට වැඩි දෙයක් ඔහුට ලබා දෙන්න. එය කළ යුත්තේ සතුටින්මයි.

2. ඔබේ ප්‍රියතම කවිය කටපාඩම් කර ගන්න.

3. ඔබට ඇසෙන හැමදේම විශ්වාස නොකරන්න. ඔබේ අතේ ඇති හැම සතයක්ම වියදම් නොකරන්න. ඔනැවට වඩා නිදා නොගන්න.

4. "මං ඔයාට ආදරෙයි ..." කියද්දි හදවතින්ම කියන්න.

5. කිසිවකුගෙන් සමාව ඉල්ලද්දි කෙලින්ම ඔහුගේ දැස දෙස බලන්න.

6. විවාහ ගිවිස ගත යුත්තේ විවාහයට මාස හයකටවත් පෙර බව මතක තබ ගන්න.

7. දුටු සැනින් ඇතිවන ආදරය පිළිබදව විශ්වාස කරන්න.

8. අනෙක් අයගේ සිහින වලට සිනා නොවන්න. සිහින නැති මිනිසුන් තුල බොහො අඩුපාඩු තිබෙනවා.

9. හදවත පත්ලෙන්ම අනුරාගී ලෙස ආදරය කරන්න. ඇතැම් විට ඔබට වේදනාව හිමිවිය හැකියි. එහෙත් ජීවිතය සම්පුර්ණ කර ගැනීමට ඇති එකම මග එයයි.

10. යමකට එකග නොවන විටදි සාධාරණ ලෙස ගැටෙන්න. එහෙත් කැත වචන කීමෙන් වලකින්න.

11. ඔවුන්ගේ නැයන්ගේ මිම්මෙන් මිනිසුන් නොමනින්න.

12. ඉක්මනින් සිතන්න. හෙමින් කතා කරන්න.

13. ඔබ පිලිතුරු දෙන්නට ඇකමැති ප්‍රශ්ණයක් කිසිවකු විසින් අසනු ලැබු කල සිනාවක් පා "ඇයි ඔයාට එක දැන ගන්න ඔනෙ...?" යනුවෙන් අසන්න.

14. මහා ලොකු ආදරය, මහා ලොකු බලාපොරොත්තු සමග ලොකු අවදානමක්ද පවතින බව මතක තබා ගන්න.

15. ඔබේ මව සමග නිරතුරුවම අදහස් හුවමාරු කරගන්න.

16. ඔබ පරජය වුවත්, ඉන් ලැබෙන පාඩම ජයග්‍රහණයක් බව සිතන්න.

17. ඔබටම ගෞරව කර ගන්න. අනෙක් අයට ගෞරව කරන්න. වගකීමෙන් යුතුව හැම ක්‍රියාවකම නිරත වන්න.

18. නරක කීරීම තුළින් මිතුරන් අහිමි කර නොගන්න.

19. වැරැද්දක් සිදුවු බව වැටහුණු විට වහාම එය නිවැරදි කරන්නට පියවර ගන්න.

20. දුරකතන ඇමතුමකට පිළිතුරු දෙන විට සිනාමුසු වන්න. අමතන්නාට එය හොදින් දැනේවි.

21. විවාහ විය යුත්තේ කතාබහ කිරීමට කැමැත්ත දක්වන අයකු සමගයි. මහලු වයසට පත්වෙදි අනෙක් හැම හැකියාවකටම වඩා වටින්නේ එය බව මතක තබා ගන්න.

22. හොද අවන්ක ජීවිතයක් ගත කරන්න. ඔබ වයසට ගිය විට ආපසු හැරී බලා සතුටු වන්නට හැකිවේවි.

23. ඔබේ ආදරණීය පුද්ගලයින් සමග ඇතිවන බහින්බස්වීම් වලදී අතීත සිදුවීම් හො වැරදි සිහිපත් නොකරන්න.

24. යම් අවස්තාවකදී ඔබට වුවමනා දෙයක් නොලැබුණහොත් එය වාසනාවක් වීමටද ඉඩ ඇති බව මතක තබා ගන්න.

25. එකිනෙකා වුවමනා කරන දෙදෙනෙකුට වඩා එකිනෙකාට ආදරය කරන දෙදෙනෙකු අතර ඇති සම්බන්ධය බලවත් බව මතක තබා ගන්න.

Sunday, March 18, 2012

වේග සීමා නෑ! IBM විද්‍යාඥයන් ගෙන් ‘ක්වන්ටම් පරිගණකය’! දැනට ඇති සුපිරිම පරිගණකවලට වඩා වේගවත්!



මේ මිහිපිට දැනට තනා ඇති සුපිරිම පරිගණකවලට වඩා වේගවත් පරිගණකය ලෙස සැලකෙන ‘ක්වන්ටම් පරිගණකය’ තැනීමේ සිහිනය සැබෑ කර ගන්න IBM ආයතනයේ විද්‍යාඥයන් දැන් සූදානම්.

ඔවුන් දැනටමත් ඒ සඳහා අවශ්‍ය උපාංග නිර්මාණය කරල ඉවරයි. ඔවුන්ගේ ඊළඟ පියවර පරිගණක පද්ධති නිර්මාණය කිරීමයි.

ඒ අනුව තැනෙන ‘ක්වන්ටම් පරිගණකය’ට මිලියන ගණනක් ගණනය කිරීම් එසැණෙකින් කළ හැකියි. මිහිපිට ඇති  ඕනෑම පරිගණක කේතයක් එසැණ විකේතනය කළ හැකියි. 

මිලියන ගණනක් ගණනය කිරීම් එසැණ කළ හැකි සිලිකන් චිපය - මෙහි අධි-තාක්ෂණ ‘ක්විබිට්ස්’ තුනක් රැඳවිය හැකියි.


මේ වන තෙක් මිනිස් මොළයට විසඳන්නට නොහැකිව ඇති සියලූ ගණිත ගැටලූ විසදා ගන්නත් මේ අනුව අවස්ථාව පෑදේවි.

ක්වන්ටම් පරිගණකයක් තැනීමට මුලින් ම යෝජනා කළේ 1981 දී භෞතික විද්‍යාඥ රිචඞ් ෆේන්මන්. වසර දශක කීපයක්ම න්‍යායට පමණක් සීමා වී තිබුණු දැන් කි‍්‍රයාවට නැංවීමට ආසන්නයි.

”අතීතයේ දී සමහරු කීවේ මේක තවත් වසර පනහකින්වත් සැබෑවෙන සිහිනයක් නොවන බවයි.” IBM ආයතනයේ වොට්සන් පර්යේෂණ මධ්‍යස්ථානයේ මාක් කෙචන් කියනවා. ”මාත් එක වෙලාවකට එහෙම හිතුවා. ඒත් මං දැන් දන්නවා අවුරුදු 15ක් නැත්නම් ඊට කලින් මේක සැබෑවෙන්න යන බව.” 

IBM විද්‍යාඥයන් මේ ක්විබිට්ස් නිර්මාණය කර ඇත්තේ විස්මිත ක්වන්ටම් භෞතික විද්‍යාවේ න්‍යායන් උපයෝගී කර ගෙනයි. ඒ අනුව ක්වන්ටම් පරිගණකයක බිටුවක් වෙනුවට ඇත්තේ ක්විබිටුවක්. ඒ ක්විබිටුවක 1 හා 0 යන දෙකම එක විට රැඳවිය හැකියි.

ක්විබිටු 250ක් අරාවක් තැනුවොත් එහි අඩංගු කළ හැකි තොරතුරු හා දත්ත රැඳ වූ බිටු ගණන, මෙම විශ්වයේ ඇති සියලූම පරමාණු සංඛ්‍යාවටත් වඩා වැඩි වේවි.

IBM විද්‍යාඥයන් කියන්නේ ඔවුන්ගේ ඊළඟ පියවර වන්නේ මේවා සකි‍්‍රයව යොදා පද්ධතියක් ගොඩ නැඟීමයි. ඔවුන් කියන්නේ 2009 දී මෙය ආරම්භ කළ තැන් සිට මේ වන විට දහස් ගුණයක දියුණුවක් මේ ව්‍යාපෘතිය ලබා ඇති බවයි. 

දිගින් මිලිමීටර් එකකට වඩා නැති මේ ‘ක්විබිට්’ එකක් තැන්පත් කර තියෙන්නෙ කුඩා සැෆයර් චිපයක කුහරයක් තුළයි. ඒ කුහරය සම්පූර්ණ වන්නේ ඒ දෙක එක’ටෙක ළං කළාමයි. IBM විශ්වාස කරන්නේ මේවා දහස් ගණනක් එනිනෙකට සම්බන්ධ කළ විට අති ප‍්‍රබල පරිගණක නිර්මාණය කළ හැකි බවයි.

IBM විසින් නිපදවා ඇති 3D ක්විබිට් උපාංගය - මේ කුඩා ක්විබිට්ටුව රඳවා ඇත්තේ කොටස් දෙක එක් කළ විට සෑදෙන කුහරයේයි. මිනුම් කරනු ලබන්නේ ඈඳනයන්ට මයික්‍රෝවේව් සංඥා යැවීමෙනි.

සාමාන්‍ය සිලිකන් චිපයක අධි-තාක්ෂණ ක්විබිට්ස් තුනක් රඳවා ඇති අයුරු

”අප දැනට කර ගෙන යන්නේ විද්‍යාගාරයක කෙරෙන සාමාන්‍ය භෞතික විද්‍යා පරීක්ෂණයක් වැනි දෙයක් නොවෙයි. මේක මේ පරිගණක කටයුතු නව මාවතකට යොමු කරන එකක්” IBM විද්‍යාඥ මතියස් ස්ටෙෆන් කියනවා.

”මේ අනුව දත්ත විකේතනය කිරීමේ ක්ෂෙත‍්‍රයෙන් විශාල ඉදිරි පියවරක් තැබීමට හැකි වේවි. එසේම දැවැන්ත සංඛ්‍යාත්මක ගණනය කිරීම්වලටත් අති සංවේදී තොරතුරු කේතනය කිරීමට මෙන්ම විකේතන කිරීමටත් හැකි වේවි, මේ ක්වන්ටම් පරිගණක මගින් නුදුරු අනාගතයේම” IBM ආයතනය කියනවා. 

දැනටමත් විද්‍යාඥයන් වෙනස් ආකාරයේ ක්වන්ටම් පරිගණක තාක්ෂණික ක‍්‍රම කීපයක්ම අත්හදා බැලීමට ලක් කර තියෙනවා.

දැනට ලබා ඇති ප‍්‍රතිඵලවලට අනුව IBM විද්‍යාඥ පිරිස සමත් වී තියෙනවා, ක්විබිට්ස්වල ක්වන්ටම් තත්වය මයික්‍රො තත්පර 100ක් දක්වා පවත්වා ගෙන යන්නට. ඒක කලින් තිබුණාට වඩා 2 සිට 4 ගුණයක් දක්වා වර්ධනය වීමක්. මේ අගය දත්ත දෝෂ අවම කර ගැනීමට අවශ්‍ය පරිසාද මට්ටමක්. දැන් ඔවුන්ට ඉතිරිව ඇත්තේ ක්වන්ටම් පරිගණකය නිම කිරීමේ අනෙක් කාර්යයන්ට අත ගැසීමයි. ”ලෝකය පුරා සිටින පර්යේෂකයන් අපේක්ෂා කරන අංග සම්පූර්ණ ක්වන්ටම් පරිගණකය තනන්නට අවශ්‍ය අවම කරුණු සපුරා ගන්නට ආසන්න තත්වයකයි දැන් අප සිටින්නේ.” ඔවුන් ඒ ගැන කියනවා. 

ජර්මනියේ ජුලීක්හි ෆෝෂුන්සෙන්ට‍්‍රම් ආයතනයේ හා ආචෙන් විශ්ව විද්‍යාලයේ ක්වන්ටම් තොරතුරු තාක්ෂණ ආයතනයේ මහාචාර්ය ඬේවිඞ් ඩිවින්සෙන්සෝ කියන්නේ, ” IBM ආයතනයේ සුපිරි සන්නායක ක්විබිට් පර්යේෂක කණ්ඩායම මෙතෙක් දක්වා ඇති ප‍්‍රගතිය අනුව ඔවුන් පැහැදිලිවම විශ්වාසදායී, සර්ව සම්පූර්ණ, ක්වන්ටම් පරිගණකයක් නිපදවීමට හැකි මාවතක ගමන් කරන බව කියන්න පුළුවන්. දැන් ඒ ඉලක්කය ළඟදීම සපුරා ගනු ඇතැයි මම විශ්වාස කරනවා” කියායි. 

ක්වන්ටම් පරිගණක ක‍්‍රමය ලොව මුළුමනින්ම වෙනස් කරනවා යැයි කියන්නේ ඇයි?

සාමාන්‍ය පරිගණකයක් තේරුම් ගන්නේ බිටුවක් මූලික තොරතුරු ඒකකයක් හැටියටයි.

එය හරියට විදුලි බල්බයක් නිවෙනව දැල්වෙනවා වගේ, බිටුවක ඇත්තේ අගයන් දෙකකින් එකක් පමණයි. එය 1 හෝ 0 වශයෙන් දැක්විය හැකියි.

ක්විබිටුවක හෙවත් ක්වන්ටම් බිටුවකට මේ අගයන් එකක් හෝ දෙකම හෝ එක විට දැරිය හැකියි.
මේ නිසා ක්වන්ටම් පරිගණකවලට ගණනය කිරීම් මිලියන ගණනක් එක විට කළ හැකියි.

අද පවතින පරිගණකවලටත් ඉතා වේගයෙන් ගණනය කිරීම් කළ හැකි වුවත් ඒත් ඒවාට එක විට කළ හැක්කේ සීමිත ගණනය කිරීම් ප‍්‍රමාණයක් විතරයි.

එහෙත් සම්පූර්ණ සකි‍්‍රය ක්වන්ටම් පරිගණකයකට මිලියන ගණනක් ගණනය කිරීම් එක විට කළ හැකියි. එක මොහොතක් තුළ එය මිනිස් වර්ගයා විසින් මේ යුගයේ බිහිකළ එකම අති ප‍්‍රබල පරිගණක වේවි.

හිමාල අඩවියෙන් හමුවුණු යෝධ සමනලයෙක් !



මේ සමනලයෙක් (butterfly) නෙවෙයි, රෑ සමනලයෙක්. හරියටම කියනවා නම් ශලබයෙක් (moth). කොහොමද මේ වගේ එකෙක් ඔබේ ඇඳුම් අල්මාරියෙ ඉන්නව දැක්කොත්. ඔබ යටිගිරියෙන් කෑගසාවි.

මේ තමයි, ලෝකයේ ඉන්නා ලොකු ම ශලබයා. ඇට්ටාකුස් (Attacus) හෙවත් ඇට්ලස් ශලබයා. ඊසාන දිග ඉන්දියාවෙ මහපාරක් අද්දරදි හමුවුණේ.



මේ ශලබයාගේ පියාපත් විදා හල විට දිග සෙන්ටි මීටර් 25ක් විතර ඇති. ඉන්දියානු ජාතික සන්දේශ් කපුර් හිමාල කඳුකරය දෙසට යද්දී තමයි අලංකාර සත්වයා මුණ ගැහුණේ.

යෝධ ශලබයෙක් නිසා මං හිතුවා ඌ මට පහර දෙයි කියලා. අත්තටු විදහලා මගේ ඇඟ කඩා පින්න වගෙයි හැදුවේ.

ඒත් ඡායාරූප ශිල්පියා කළේ හිතේ ඇති වුණු බය යටපත් කර ගෙන අල්ල පාලා ඌව අර ගෙන පාර අයිනේ තැනකට ගෙනහින් තියලා කැමරාවට නගපු එකයි.

සන්දේශ් කපූර් ඡායාරූප ශිල්පියාට හිමාලය දෙසට විහිදුණු මගක දී හමු වුණු ශලබයා මඟ අයිනේ දිය බොමින් සිටි අයුරු.

මේ ශලබයා ලොකුවට පෙනුනට කවුරුත් බය වෙන්න කාරි නැහැ. ඒ තරමටම මේ සතා අහිංසකයි. 
මේ ඇට්ලස් ශලබයාට මේ නම යොදන්න හේතුව යෝධකමයි, සිතියම් පොතක වර්ණවත් සිතියමක් වගේ සිරුරක් ඌට තියෙන හින්දයි. 

මේ ඇට්ලස් ශලබයන් වැඩිපුර දක්නට ලැබෙන්නේ මලයානු අර්ධද්වීපය ඇතුළු දකුණු ආසියාවේ ඝර්ම කලාපීය වනාන්තරවලයි. 

සමනලයයි ශලබයයි අතර වෙනස කුමක්ද?
ලෙපිඩොප්ටෙරා (Lepidoptera) කියන පොදු වර්ගයට අයත් මේ දෙ වර්ගයේ වෙනස්කම් ගොඩක් තියෙනවා. ඔවුන් පහසුවෙන් වෙන් කර හඳුනා ගන්න ඇති පහසු ම ක‍්‍රමය ඇන්ටෙනාවල පිහිටීම විමසා බැලීමයි. 

සමනලයාගේ ඇන්ටෙනා කෙඳි සිහින්ව ඉදිරියට විහිදෙනවා. ඒවායේ තුඩු අගින් මහත් ව මුගුරක හැඩයක් ගන්නවා. මඳක් දෙ පසට විහිද යන ආකාරයක් පෙනෙනවා. 

ශලබයාගේ ඇන්ටෙනා එසේ සිහින් නැහැ, මඳක් මහතයි, විවිධ හැඩ ගන්නවා. සමනලයාගේ මෙන් ඒවායේ තුඩු අග මුගුරක හැඩයක් ගන්නේ නැහැ. ඒවායේ බූවක් දක්නට ලැබෙනවා. බොහෝ ශලබයන්ගේ ඇන්ටෙනා අගින් මඳක් ඇතුළට වෙන්න නැමී පිහිටනවා. 

මේ හේතූන් නිසා ඔවුන් උප ගෝත‍්‍ර දෙකකට එනම් සමනලයන් (මුගුරු ඇන්ටෙනා සහිත යන අරුත් ඇතිව) රොපැලසෙරා (Rhopalecera) හා ශලබයන් (විෂම ඇන්ටෙනා සහිත යන අරුත් ඇතිව) හෙටරොසෙරා (Heterocera) කියා වෙන් කොට දක්වනවා.

සමනලයා ලගින විට හෝ මලකට වසන විට පියාපත් ඉහළට එකතු වන සේ තබා ගන්නා අතර ශලබයා පොළොවට සමාන්තරව පිහිටන සේ තබා ගන්නවා.

ශ‍්‍රීමත් ඬේවිඞ් ඇටෙන්බරෝ බීබීසී වැඩසටහනක දී ඇට්ලස් ශලබයකු පියාපත් විදහා දැක් වූ හැටි.



Read more: http://www.malkakulu.com/2012/03/blog-post_13.html#ixzz1pULLSH3E

නිවසේ තනිකම මකා ගන්නට අන්තර් ජාලයට පිවිසුණු තරුණ බ්ලොග්කරුවා අද කෝටිපතියෙක්!


මේ වාසානවන්ත බ්ලොග් ලියන්නකුගේ කතාවක්. ස්කොට්ලන්තයේ නිදන කාමරයට වෙලා තනිකම නැති කර ගන්න පටන් ගත්තු බ්ලොග් එකක් නිසා අද ඔහු කෝටිපතියකු බවට පත් වෙලා. ඇමරිකාවේ අංක එකේ මාධ්‍ය ආයතනය වූ CNN දැන් ඔහුගේ බ්ලොග් එක ඩොලර් කෝටි විස්සකට මිල දී ගන්න යනවා. ඔහු මේක පටන් අරන් තියෙන්නෙ ඇඳෙන් නැඟිටින්නෙ නැතුව කරන්න පුළුවන් දෙයක් හැටියටයි. 


පීට් කෑෂ්මෝ Pete Cashmore දැන් 26 හැවිරිදි තරුණයෙක්. ඔහුගේ මාෂබල් කොම් Mashable.com බ්ලොග් අඩවිය පටන් ගත්තෙ 2005 දී ස්කොට්ලන්තයේ ඇබර්ඞීන්ෂයර්හි බැංකරි නම් කුඩා නගරයේ සිටයි. එතකොට එයාගෙ වයස අවුරුදු 19යි. පාඩම් කරල කම්මැලි හිතුනාම එයා මේ බ්ලොගය ලියන්න පටන් ගත්තා.

අවුරුදු හතකට පස්සේ ඔහු පටන් ගත් ඒ තාක්ෂණික පුවත් සපයන බ්ලොග් අඩවිය සඳහා ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සිය ප‍්‍රධාන කාර්යාලය පවත්වා ගෙන යනවා.

ඔහුගේ නමෙත් විශේෂත්වයක් තියෙනවා. ගමෙත් විශේෂත්වයක් තියෙනවා. නම ‘කෑෂ්මෝ’ කියන්නේ ‘තවත් මුදල්’ කියන තේරුමයි. නමට හරියන්න ඔහු ලෝකයේ ලොකුම පොහොසතෙක් වෙලා. ඔහුගේ ගම, ‘බැංකරි’ කියන්නේ ‘ආශිර්වාද ලත් බිම’ කියන තේරුමයි. එක්සත් රාජධානියේ ඈත කොණක පිහිටි බැංකරි කියන කුඩා නගරය අද ඔහු නිසා ‘අසිරිමත් තැනක්’ වෙලා ඉවරයි.

පීට් කෑෂ්මෝ තවත් මුදල් ලබා මිලියන පතියෙක් වේවි, ඔහුගේ බ්ලොග් අඩවිය විකුණුවාම. මේ ඉන්නේ ඔහු වාසනාවන්ත පෙම්වතිය ලියා බෙටනියි.


CNN ආයතනය ඔහුගේ ‘මාෂබල්’ බ්ලොග් අඩවිය මිල දී ගත් විට තරුණ බ්ලොග්කරුවකු ලෙස ඇරඹි ඔහු ජීවිතයේ ‘ඩොට්කොම්’ කෝටිපතියකු වෙමින් තවත් සන්ධිස්ථානයක් පසු කරාවි.

දැන් ඔහුගේ බ්ලොග් අඩවියේ රැකියාව කරන ගණන 40කටත් වැඩියි. ඔහුගේ මාෂබල්.කොම් බ්ලොග් අඩවිය මගින් අන්තර් ජාලයේ ඇති සමාජගත මාධ්‍ය තොරතුරු, තාක්ෂණික දැනුම හා උපදෙස් සරලව පහදා දෙනවා. ඒ බ්ලොග් අඩවිය මගින් අන්තර් ජාලය භාවිත කරන ලක්ෂ සංඛ්‍යාත අනුග‍්‍රාහකයන්ට අවශ්‍ය විවිධ සේවා සපයනවා. ඔවුන්ට අන්තර් ජාලයෙන් උපරිම ඵල නෙළා ගැනීමට උදවු වෙනවා. ඒ මගින් අන්තර් ජාලයේ අලූතින් ඇරඹෙන කුඩා ආයතනවල සිට ෆේස්බුක් facebook ටීවිටර් tweeter වැනි විශාල ලෙස ව්‍යාප්ත ආයතන දක්වා අනුග‍්‍රාහකයන්ට අවශ්‍ය දැනුම හා විවිධ සහය සපයනවා. එහි පිටු බලන ගණන මාසයකට කෝටි පහ ඉක්මවනවා. 

පීට් කෑෂ්මෝ දැනටමත් ක්‍භභ ආයතනයට බ්ලොග් තීරු සටහනක් ලියනවා.

ඔහු ගියේ බැංකරි නගරයේ තිබූ බැංකරි ඇකඩමි නම් වූ පාසලටයි. වයස අවුරුදු 13 දී කළ ඇපෙන්ඩිසයිටිස් ශල්‍ය කර්මයක් නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් ඔහුට පාසල් ගමන ක‍්‍රමවත්ව කරන්න බැරි වුණා. ඔහුට වැඩිපුර ගෙදරටත් ඇඳටත් වී සිටින්නට සිදු වුණා. අධ්‍යාපන කටයුතුවලින් ඔහු පසුබා සිටියා. 

මේ කාලයේ තමයි ඔහු අන්තර් ජාලය වෙත යොමු වුණේ. ලැජ්ජාශීලී ගැටවරයකු වූ ඔහු නිදන කාමරයට වී අන්තර් ජාලය ඔස්සේ බ්ලොග් සටහන් තබන්නට පටන් ගත්තා. ඔහු ඒ සඳහා තෝරා ගත්තේ සමාජගත මාධ්‍යයි. අන්තර් ජාලයේ සැරිසරණ සමාජයට, අවශ්‍ය දේ සොයා බලා සපයන්නට සිත යෙදෙව්වා. 

කෑෂ්මෝ ඉගෙන ගත් බැංකරි ඇකඩමිය. රෝගීවීම නිසා ඔහුගේ ඉගෙනීම කඩාකප්පල් වුණා.

මේ කාර්යයේ යෙදෙද්දී ඔහු ඉන් අමුතු ආශ්වාදයක් ලැබුවා පමණක් නොව ඇඳේ සිටිද්දීම තමා කිසියම් ප‍්‍රයෝජනවත් දෙයකට අත ගසා ඇති බව ඔහුට දැනුණා. රෝගීව සිටියදී පවා අමුතු ප‍්‍රාණවත් බවක් ඔහුට දැනුණා.

ඉතා ඉක්මනින් ඔහුගේ බ්ලොග් අඩවිය ජනපි‍්‍රය වෙන්න පටන් ගත්තා. ඒ නිසා ඔහුට දැන්වීම් පළ කිරීමෙන් ආදායමක් ද ලබා ගත හැකිවුණා. ඒ මුදලින් ඔහු තවත් ලේඛකයකු සේවයට ගත්තා.

ඔහුගේ ජීවිතය වෙනස් මඟකට යොමු වුණේ මේ අවස්ථාවේ දියි. ඔහු විශ්ව විද්‍යාලයට යාම පසෙකලා වෙබ් අඩවිය වෙනුවෙන් සම්පූර්ණ කාලය කැප කරන්න තීරණය කළා. 

කෑෂ්මෝ තම ‘මාෂබල්.කොම්’ වෙබ් අඩවිය ආරම්භ කළේ බැංකරි හී පිහිටි මේ කුඩා නිවසේ ඔහුගේ නිදන කාමරයේ දීයි.

ඔහුගේ කඩවසම් පෙනුම නිසා ‘බ්ලොග් ලෝකයේ අයස්කාන්තයා’ ලෙස හැඳින්වෙනවා. 2010 දී ටයිම් සඟරාව නම් කළ ලෝකයේ විශිෂ්ටයන් 100 දෙනා අතර ඔහුත් සිටියා. ෆෝබ්ස් සඟරාව නම් කළ 2010 දී වසරේ හොඳම වෙබ්කරුවන් 25 දෙනා අතරට ඔහුව තෝරා තිබුණා. 2011 දී වර්ල්ඞ් ඉකොනොමික් ෆෝරම් නම් අන්තර් ජාතික ආයතනය විසින් තරුණ ලෝක නායකයකු ලෙස ඔහුව නම් කරනු ලැබුවා. 

කෑෂ්මෝ සිය පෙම්වතිය වූ බෙටනි වෙනුවෙන් ස්කොට්ලන්තයත්, සිය වෙබ් අඩවියේ කාර්යාල නිසා ඇමරිකාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ හා නිව්යෝක් නගර අතරත් යමින් එමින් තමයි දිවි ගෙවන්නෙ.

මාෂබල් වෙබ් අඩවියේ නැඟීම ගැන සඳහන් කරමින් කෑෂ්මෝ කලකට පෙර කැනඩාවේ ‘ග්ලෝබ් ඇන්ඞ් මේල්’ පුවත්පතට කීවේ, ”මට වැලියෙ අයත් එය කිසිම සම්බන්ධයක් නෑ, මම වැලියට ගිහිල්ලත් නෑ.” ඇමරිකාවේ පරිගණක දැවැන්තයන් සිටින ‘සිලිකන් වැලි’ ගැනයි ඔහු එසේ සඳහන් කළේ. ඔහු එසේ අදහස් දැක්වුයේ තමන්ට පරිගණක දැවැන්තයන්ගේ ඇසුර ලබන්නටවත්, ඒ පැත්තෙන් ලොකු දැනුමක් ලබන්නවත් අවස්ථාවක් නොමැති වූ බවත් කියන්නයි. 

ඔහුගේ සමාගමෙහි දැන් වටිනාකම පවුම් මිලියන 127ක් ලෙසයි දැක්වෙන්නේ. ඔහුට දැන් ඇමරිකාවේ නිව්යෝක් නගරයේ හා සැන් ෆ‍්‍රැන්සිස්කෝවල කාර්යාල දෙකක් තියෙනවා. ඒ අතර ම ඔහු ස්කොට්ලන්තයේ ජීවිතය අත්හැර නැහැ. මෝස්තර නිරූපිකාවක් හා ඡායාරූප ශිල්පිනියක් වූ ඔහුගේ පෙම්වතිය ලිසා බෙටනි හමුවෙන්නත් මාෂබල් කාර්යාල දෙකේ කටයුතුවලටත් ඔහු නිතර ඇමරිකාව හා ස්කොට්ලන්තය අතර යමින් එමින් තමයි දැන් ඉන්නෙ. 

CNN හිමිකරු ටෙඞ් ටර්නර්

”මං බාහිර පුද්ගලයකුගේ ඇසින් තමයි, මේ දිහා බැලූවේ. ඒක මට වාසියක් වුණා. ලොව පුරා විශාල පිරිසක් ඉන්නවා, අලූත් අලූත් මෙවලම් ගැන දැන ගන්න කැමති. ඒ වගේ ම ෆේස්බුක්, ට්වීටර් වගේ ඒවා පාවිච්චි කරන්නෙ කොහොමද, ඒවායින් ප‍්‍රයෝජන ගන්නෙ කොහොමද කියල දැන ගන්න කැමති; ඒ වගේ ම වෙනත් තාක්ෂණික කරුණු ගැන සරලව අවබෝධ කර ගන්න කැමති. මගේ උනන්දුව තිබුණෙ ඔය වගේ දේ ගැනයි. මං ඒ අවශ්‍යතා සපයන්නයි හැදුවේ” 

කෑෂ්මෝගේ වෙබ් අඩවියේ පිටුවක්. මෙය දැන් පවුම් මිලියන 127ක් වටිනාකමක් ඇති පන්කෝටියක් ජනතාව නරඹන එකක්.

කෑෂ්මෝට දැන් ඉන්නවා ට්වීටර් එකේ විතරක් අනුග‍්‍රාහකයන් ලක්ෂ විසි දෙකක්. ඔහු කියන්නේ ඔහුගේ පාවිච්චියට ටෙලිවිෂන් සෙට් එකක්වත් නැති බවයි. ඔහු චිත‍්‍රපට බලන්න යන්නෙත් නැහැ. ඔහු වඩා කැමති අන්තර් ජාලය හා සම්බන්ධ වී කටයුතු කරන්නයි. 

ඔහු ඔහුගේ මේ වෙබ් අඩවිය ගැන දෙමව්පියන්ටවත් කියලා නැහැ. ඬේලි මේල් වාර්තාකරු ඇවිත් ගෙදර තට්ටු කළාමයි ඒ අය දැන ගෙන තියෙන්නෙ ඔවුන්ගේ පුතාගෙ මේ හපන්කම ගැන.

තාක්ෂණික බ්ලොග්කරුවකු වන ෆීලික්ස් සැමන් තමයි, CNN ආයතනය මේ බ්ලොග් අඩවිය මිල දී ගන්න යන බව කලින් ම කීවේ. ඬේලිමේල් පුවත්පතේ මේ ගැන වාර්තාවක් පළ වුණා. CNN ආයතනය ඒ ගැන තවමත් යමක් ප‍්‍රකාශ කරල නැහැ. ඒත් ඒ ගැන සාකච්ඡා පවත්වලා තියෙනවා.

Saturday, February 18, 2012

ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු Part 03




1. 
මේ සුවිශේෂී සුප්‍රසිද්ධ කලා නිර්මාණයක් ලෙස ලෝකයා හඳුනාගත් එකක්. Filippo Lippi නම් චිත්‍ර ශිල්පියාගේ (ඉතාලි ජාතිකයෙක් විය යුතුයි...) ප්‍රසිද්ධ චිත්‍රයක්. "La Madonna e san Giovannino" නමින් හැඳින්වෙන මේ චිත්‍රය ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර Palazzo Vecchio හි තැන්පත් කර ඇති අතර මෙය පහලොස්වන ශත වර්ෂයේදී පමණ නිර්මාණය කරන්නට ඇති බව සැලකෙනවා. නිර්මාණයක් ලෙස මේ චිත්‍රය අතිවිශිෂ්ඨ වුවත් මෙය අපට වැදගත් වන්නේ මෙහි ඇති කලාත්මක ස්වාභාවය නිසා නම් නෙවෙයි. ඔයාලට පේනවා ඇති පැත්තකින් විශාල කරලා තියෙන වස්තුව. මුල් චිත්‍රයේ උඩ දකුණුපසට වන්නට පිහිටා ඇති මේ වස්තුව යම්කිසි පියාසර වස්තුවක් බවයි මෙය අධ්‍යයනය කළ විද්වතුන් පවසා ඇත්තේ. ඒක තහවුරු වෙන්නේ මේ පියාඹන වස්තුව දෙස අවධානයෙන් බලාසිටින ආකාරයට සිතුවම් කර ඇති මිනිසෙක් හා බල්ලෙක් නිසා. මේ දෙදෙනා එම වස්තුව දෙස බලා සිටින්නේ එය අහස් තලය හරහා ගමන් කරන බැවින්. ඇයි මේ වගේ සිද්ධියක් මේ චිත්‍රයේ පසුතලයට යොදන්න චිත්‍ර ශිල්පියාට ඇති වුවමනාව ? ප්‍රධාන සිතුවමට පසුතලයෙන් දැක්වෙන කිසිවක් (පියාඹන වස්තුව, මිනිසා හා බල්ලා) මේ සිතුවමට අදාල නැති බවක් හැඟී යයි. ඒ වගේම මේක යම් කිසි ශුද්ධ වූ වස්තුවක් සංකේතාත්මකව දැක්වීමක්ද නොවේ යැයි විශ්ලේශක‍යන් තහවුරු කරලා තියෙනවා. එතකොට අපිට එන්න තියෙන නිගමනය තමයි පිටසක්වල යානාවක් හෝ වෙනත් එවැනි හඳුනානොගත් ආගන්තුක පියාඹන යානාවක් තම චිත්‍රය තුල දක්වන්න මෙහි කතුවරයාට වුවමනා වුනා කියන එක. පහලොස්වන සියවසේදී පෘථිවියට පැමිණි පිටසක්වල යානාවක් මේ ආකාරයෙන් නිරූපනය කලාද දන්නේ නෑ. මේ අමුතු වස්තුව ගැන බොහෝ දෙනෙක්ගේ පැහැදිලි කිරීම ඒක තමයි. මොකද ඒ කාලේ මිනිස් මොලයෙන් හදපු පියාසර වස්තු තිබුණේ නැති නිසා...!


http://homepage.ntlworld.com/m.hurley/index.html
 



-----------------------------------------------------------------------

2. 
මේ තියෙන්නේ ලෝකේ පරණම යන්ත්‍රය. සමහරු කියන්නේ ලෝකයේ පැරණිම පරිගණන යන්ත්‍රය කියලා. මේක හඳුන්වන්නේ ඇන්ටිකිතෙරා යන්ත්‍රය (Antikythera mechanism) නමින්. වම් පස ඇති රූපයෙන් දැක්වෙන්නේ මේ යාන්‍ත්‍රනයේ ඉතිරිව ඇති ශේෂයයි. මේ වස්තුව 1990 දී ග්‍රීසියේ ක්‍රීට් දිවයින ආසන්නයේ ඇති ඇන්ටිකිතෙරා වෙරළ තීරයෙන් සොයා ගැනුනා. මේක අයිති වෙන්නේ ක්‍රි.පූ. පළමු සියවසට...! පුදුමයට කාරණයක් වෙන්නේ මේ මුළු වස්තුවම අරුම පුදුම ගියර් පද්ධතියකින් සමන්විත වීමයි. මේ ගියර් පද්ධතිය කොතරම් සංකීර්ණද කිව්වොත් නූතන විද්‍යාඥයින්ටත් මේකේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න අසීරු වුනා. පස්සේ පැහැදිලි වුනා මේක එක්තරා විදියක නක්ෂත්රමය ගණක යන්ත්‍රයක් කියලා. වර්තමානය වෙන කොට මේ ඇන්ටිකිතෙරා යන්ත්‍රය පැහැදිලි ලෙස ආදර්ශණය කරන්නට හැකියාව ලැබී තියෙනවා. එයින් පැහැදිලි වෙන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ හිරු, සඳු, පෘථිවිය ඇතුළු ග්‍රහලෝක වල ගමන හා පිහිටීම ආදර්ශණය කිරීම සඳහා මේ යන්ත්‍රය උපයෝගී කරගත හැකි බවයි. ඒ කියන්නේ මීට අවුරුදු දෙදහසකට එහා හිටපු මිනිස්සු අතරත් අපි හිතනවට වඩා හොඳ මොළකාරයෝ ඉඳලා තියෙනවා...!


http://www.math.utsa.edu/ecz/ak.html
http://ccat.sas.upenn.edu/rrice/usna_pap.html 
http://www.grand-illusions.com/antikyth.htm
 

-----------------------------------------------------------------------

3. 
ඔයා දන්න උසම මිනිහා කොච්චර උසද ? අඩි 6 ක්... 7 ක්... ? ඊට වැඩි වෙන්නෑ නේද... මම කිව්වොත් මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ අඩි 12 ක මිනිහෙක් කියලා...! හිතාගන්න පුළුවන්ද ! ෆොසිලකරණය වුණු මේ යෝධයා සොයාගෙන තියෙන්නේ Dyer නම් තැනැත්තා විසින් 1895 වර්ෂයේ අයර්ලන්තයේ ඇන්ට්‍රිම් ප්‍රාන්තයේ සිදුකල කැනීම් කටයුතු වලදීයි. දකුණු පස ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ ස්ට්‍රෑන්ඩ් සඟරාවේ (Strand - ෂර්ලොක් හොම්ස් කියෙව්වා නම් අනිවාර්යයෙන්ම මේ නම අහලා තියෙන්න ඕනෙ...) පළවූ ඒ යෝධයාගේ රූපයක්. මෙයින් පෙන්වා තිබෙන්නේ දිව්‍යමය රථය ලෙස හැඳින්වෙන වැගනය සමඟ මේ යෝදයා සංසන්දනය කිරීමක්. මේ ෆොසිල යෝදයාගේ මිනුම් ගැන කිව්වොත් : සම්පූර්ණ උස - අඩි 12යි අඟල් දෙකයි (3.70 m), පපුවේ වටප්‍රමාණය - අඩි හයහමාරයි (1.97 m), අත්වල දිග - අඩි හතරහමාරයි (1.37 m), බර ටොන් දෙකකට ටිකක් වැඩියි. හරියටම කිව්වොත් කිලෝග්‍රෑම් 2050 යි. ඒවගේම මෙයාගේ එක් කකුළක ඇඟිලි හයක් තිබිලා තියෙනවා. මෙයා කවුද ? කොයි කාලේ කෙනෙක්ද ? මොකද වුනේ කියලා තාමත් හරි නිගමනයක් නෑ. අඩි 12 ක මිනිස්සු දැනුත් හිටියොත්... නියමයි නේද !!!


-----------------------------------------------------------------------

4. 
ලෙබනනයේ බාබෙක් වේදිකාව ගැන දන්නවාද ? මේක හරිම විස්මයජනක අති පෞරාණික නිර්මාණයක්. මෙහි පාදමේ වර්ගඵලය ආසන්න වශයෙන් වර්ග අඩි මිලියන පහක්...! මේ හෙල්මළුවේ ඇති සුවිශාල ගල් කුට්ටි තුනක් අනෙක් ඒවාට වඩා විශාලත්වයෙන් හා හැඩයෙක් කැපී පෙනෙනවා. මේවා අඩි හැටකටත් වඩා දිගයි. ඒ වගේම පළල අඩි 12 හා 14 ක්. රූපය මැද්දේ රවුමකින් සලකුණු කර ඇත්තේ මිනිසුන් දෙදෙනෙක්. ඒකෙන් හිතාගන්න පුලුවන් නේද බාබෙක් වේදිකාවේ විශාලත්වය. මේක රෝම යුගයටත් වඩා පැරණියි...! ලෝකයේ පළමු ශිෂ්ඨාචාරය බිහිකළ සුමේරියානුවන් පවා බාබෙක් වේදිකාව හඳුන්වා ඇත්තේ අති පැරණි දෙයක් ලෙසයි. ඒ අනුව පැහැදිලි ලෙසම මේක අවුරුදු 4000  6000 කටත් වඩා පැරණියි. නමුත් අවාසනාවට කවුරුවත් මේ ගැන විධිමත් පර්යේෂණයක් සිදුකරන්නට උනන්දු වෙන පාටක් නෑ...! (මට හිතෙන්නේ අර කලින් කියපු යෝදයෝ මේක හදලා පාවිච්චි කරන්නැති...)


-----------------------------------------------------------------------

5. 
කොලොම්බියාවේ බොගෝටා ප්‍රදේශයෙන් සොයාගෙන ඇති මේ ෆොසිලගත මිනිස් අත තවත් අභිරහසක්. පාෂාණයක් මත පැහැදිලිව සඳහන්ව ඇති මේ ෆොසිලයෙන් මිනිස් අතක පහල කොටස හොඳින් හඳුනාගත හැකියි. මේ ෆොසිලය කොච්චර පරණයි කියලද හිතන්නේ. ලක්ෂයක්... දෙකක්, නෑ... මිලියනයක්... කොච්චරද දන්නවද ? මේ ෆොසිලය අවුරුදු මිලියන 100 කට වඩා පරණයි...!!! අවුරුදු මිලියන සීයක් ! 

-----------------------------------------------------------------------

6. 
ඒලියන්ලා ගැන උනන්දු නම් වගා වෘත්ත (Crop Circles) ගැනත් අහලා ඇතිනේ... නේද ? මේ තියෙන්නේ ඒ වගේ ලෝ‍ක ප්‍රසිද්ධ වගා වෘත්තයක්. වගා වෘත්ත කියන්නේ ගොවි බිම් වල, වගාවන් මත රටාවකට බෝග කැපීමෙන් හෝ තැලීමෙන්, පෑගීමෙන් යම් කිසි හැඩයක් පෙන්වන ලෙස සිදුකර ඇති නිර්මාණයක්. මේවා හොඳින් දැක ගන්න නම් ගොවිබිම උඩින් බලන්න ඕනේ. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ 2002 අගෝස්තු 15 වැනිදා හැම්ප්ශයර් හි වින්චෙස්ටර් ආසන්නයේ පිහිටි ක්‍රැබ්වුඩ් නම් ගොවිපලේ වගාවන් මත ඇඳ තිබූ වගා වෘත්තයක්. මීටර් 100 ක් පමණ දිගැති මේ රූපයෙන් පිටසක්වලයෙකුගේ මුහුණක් හා තැටියක් වැනි හැඩ ඇති වස්තුවක් මත ලියැවුනු පණිවුඩයක් දැක්වෙනවා. මේවා අවධානය ලබාගැනීම පිණිස මිනිසුන් විසින්ම සිදු කරන නිර්මාණ යැයි සමහරුන් පවසන අතර එවැනි වගා වෘත්තද හඳුනාගත හැකියි. එසේ වුවත් අති නිවරද්‍යතාවයෙන් යුතුව මෙන්ම පරිපූර්ණ ජ්‍යාමිතික මිනුම් සහිතව එක් රැයක් තුල මෙවැනි නිර්මාණයක් කිරීමට මිනිසාට හැකියාවක් නෑ...! පිටසක්වල ජීවයක් ඇති බවට කරුණු දක්වන්නන් ඒ සඳහා වගා වෘත්තත් සාක්ෂියක් කර ගන්නවා...

-----------------------------------------------------------------------

7. 
අං ආපු මිනිස්සු... අපි අද කාලේ අං ඇවිල්ලා කියන්නේ උඩඟු, ආඩම්බරකාර මිනිස්සුන්ට වුනත් ඉස්සර කාලේ ඇත්තටම ඇත්ත අං ආපු මිනිස්සුත් ඉඳලා තියෙනවා. මේ හිස් කබලෙන් දැක්වෙන්නේ එහෙම එකක් තමයි. හිස් කබලේ නළලේ, ඇහිබැමට අඟල් දෙකක් විතර උඩින් තියෙන්නේ ඇත්තම අස්ථි නෙරුම්. මේ හිස්කබල අයත් මිනිසා (ඒ මිනිහෙක් නම්...!) අඩි 7 ක් පමණ උසැති යෝදයෙක් මෙන් හොඳින් වැඩුණු ශක්තිමක් සිරුරක් සහිත අයෙක් බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. මේ හිස්කබල සොයාගෙන ඇත්තේ 1880 දී පෙනිසිල්වේනියාවෙන්. ඒ පැරණි ‍සොහොනක තිබී... මේ හිස්කබල අයත් තැනැත්තා ක්‍රි.ව. 1200 ට ආසන්න කාලයකදී භූමදාන කරන්නට ඇතැයි සැලකෙනවා. මේ මිනිස් හිස්කබලක් නොවන බවත් මිනිස් හා පිටසක්වල ජීවයක දෙමුහුමක් විය හැකි බවත් මේ ගැන මත පල කරන සමහරුන් ප්‍රකාශ කර සිටී...


-----------------------------------------------------------------------

8. 
පුදුමාකාර කාන්දම් ගලක් ගැනයි මේ කියන්න යන්නේ. මේක තියෙන්නේ ඉන්කාවරුන්ගේ දේශය වන පේරු රටේ. මේ පාෂාණය මත දකුණුපස ඇති රූපයේ පරිදි සර්පිලාකාර කැටයමක් කොටා තිබෙනවා. ඒ මේ ගල හඳුනාගැනීමට විය හැකියි. මේ පාෂාණය උඩ මාලිමාවක් රවුමට කරකවන විට මාලිමාවේ කටුව වටේටම භ්‍රමණය වෙනවා. මේ පාෂාණයේ අන්තර්ගතව ඇති ප්‍රභල චුම්භක ක්ෂේත්‍රයක් නිසා එසේ මාලිමා කටුව භ්‍රමණය වන බවයි පැවසෙන්නේ. පුදුමේ තියෙන්නේ මේ කාන්දම් ගලේ නෙවෙයි. ඒක උඩ කැටයම් කරපු ඉන්කා වරු කොහොමද මේ ගල කාන්දමක් කියලා දැනගත්තේ...! එහෙම නම් ඒ කාලෙත් චුම්භක ගැන දැනන් ඉඳලා තියෙනවා...


-----------------------------------------------------------------------

9. 
ඩයිනෝසරයින් ලෝකයෙන් තුරන් වෙලා ගියත් නොයෙකුත් ආකාරයෙන් අදටත් එක් එක් තැන් වල ඩයිනෝසරයන්ගේ රුව දක්නට ලැබෙනවා. ඔයාලටත් ඩයිනෝසර්ලා ගැන පොඩි අවබෝධයක් තියේ නම් T-රෙක්ස්, ස්ටෙගසොර් ආදී ඩයිනෝ විශේෂ ගැන මතක ඇති... වර්තමාන සමාජය ඩයිනෝසරයන් ගැන දැනගත්තේ ෆොසිල සාක්ෂි මගින්... ඒ සඳහා නූතන විද්‍යාවත් බොහෝ දුරට ඉවහල් වුනා. ඩයිනෝසරයන් මිහිමතින් තුරන් වී යෑමට හේතු පව‍ා අනුමාන වශයෙන් සොයා ගන්නට අපට හැකිවුනා. අද කාලයේ ඩයිනෝසරයන් ගැන හැමදෙනෙක්ම දන්නා කාරණයක් වුනත් මිට අවුරුදු 1000 ක‍ට ඉහතදී ඩයිනෝසරයන් ගැන දැනගෙන ඉන්න පූළුවන් ද ? පහත රූපයේ දැක්වෙන්නේ ස්ටෙගසෝරයෙකුගේ කැටයමක්. කාම්බෝජයේ ඇන්කූර් හි විහාරයක ඇති කැටයමක් තමයි‍ මේ. මේක ක්‍රි.ව. 1186 දී කරවූවත් බව සඳහන්. එහෙම නම් ඒ කාලෙත් ඩයිනෝලා ගැන දැනගෙන ඉඳලා තියෙන්න ඕනේ...


-----------------------------------------------------------------------

10. 
එහෙනම්... අවසාන වශයෙන් දෙන්න යන්නේ හොඳම... රසවත්ම... ලස්සනම අභිරහසක්...! පිරමීඩ හා පිටසක්වලයින් අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා කියන එක හැමෝම පිළිගන්න පොදු මතයක්. මේ ඒක සනාථ කෙරෙන තවත් සාක්ෂියක්. මේක දීලා ගිහින් තියෙන්නෙත් ඒලියන්ලා මයි. වම් පැත්තේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඊජිප්තු මහා පිරමීඩයේ ඇතුළුවීමේ දොරටුව උඩ කොටා ඇති හඳුනා නොගත් සංකේතාක්ෂර හතරක්. මේවා ග්‍රීක හෝඩියට තරමක සමානකමක් දක්වනවා. ඒවගේම දකුණුපස රූපයෙන් පෙනෙන්නේ ඇමරිකාවේ රොස්වෙල් හි සිදුවූ කුප්‍රකට පිටසක්වල යානා අනතුරේ සුන්බුන් අතරින් එකක ඡායාරූපයක්. එහි දැක්වෙන අමුතු රූපාක්ෂරයන් පිරමීඩයේ තිබූ රූපාක්ෂරවලට බොහෝ සමානයි නේද ? ඒකෙන් අපි තේරුම් ගන්න ඕනෙ පිරමීඩ හදන්න ඒලියන්ලා සහභාගි වුනු බවද ? නැත්නම් රොස්වෙල් වලට ඇත්තටම පිටසක්වල යානාවක් කඩාගෙන වැටුනා කියන එකද... ?


-----------------------------------------------------------------------
නිමි

ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු Part 02




1. පුරාණ ඊජිප්තු රූපාක්ෂර වලට ලෝකෙ කොහේ තිබුණත් අඳුනාගන්න පුළුවන් අනන්‍ය හැඩයක් තියෙනවා. ලෝකෙ පුරාම එක එක පැරණි ශිෂ්ඨාචාර වල මේ වගේ පැරණි රූපාක්ෂර ක්‍රම භාවිතා වෙලා තියෙනවා. ඒ වුනත් ඊජිප්තු දෙවියෙක් ඕස්ට්‍රේලියාවෙන් හමුවුනොත්...! මේ පහත රූපයෙන් දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් හමුවූ රූපාක්ෂර සමූහයක්. සිඩ්නි නුවරට කිලෝමීටර 10 ක් විතර උතුරු දෙසින් දඩයම් නිම්නයේපිහිටි ජාතික වනෝද්‍යානයෙන් තමයි මේවා ‍හොයාගෙන තියෙන්නේ. මෙතන තියෙන 250 ක් විතර වෙන රූපාක්ෂර අතුරින් නොවැරදීම හඳුනාගත හැකි ඊජිප්තු රූපාක්ෂර කීපයකුත් හමුවෙලා තියෙනවා. ඒවායින් පැහැදිලිවම අඳුනගෙන තියෙන එක් රූපයක් තමයි අනුබිස් නම් දේව රූපය. මේ අනුබිස් කියන්නේ පුරාණ ඊජිප්තු දෙවිවරුන් අතර මරණයේ විනිශ්චකාරයා. මේකෙන් හිතාගන්න ඕනේ මොකක්ද ? ඊජිප්තු වැසියන් ඈත අතීතයේදී ඕස්ට්‍රේලියාවට ගියා කියලද ?

http://www.ozemail.com.au/~classblu/egypt/article.htm


----------------------------------------------------------------------------------

2. 
ම්ම්...ම්... මෙන්න නියම අභිරහසක්. ඔය වම් පැත්තේ තියෙන හිස් කබල බැලු බැල්මට වෙනසක් පේන්නේ නෑ නේද ? මේක පේරු රටේ ඉකා ගෝත්‍රිකයන් හා මෙක්සිකෝවේ මෙරිඩා කියන ගෝත්‍රිකයන් අතර තිබුණු හිස්කබල් වලින් එකක්. මේක පෙනුමෙන් නම් නූතන මිනිස් හිස් කබලට සමානයි. ඒත්...! බලන්න දකුණු පැත්තේ රූපය දිහා. අළුපාටට ලකුණු කරලා තියෙන්නේ නූතන මිනිස් හිස් කබලක ප්‍රමාණය. මේඔළුව ලොකු මිනිස්සුන්ගේ හිස් කබල් වල අක්ෂි කූප (ඇස් කුහර) සාමාන්‍ය ප්‍රමාණයට වඩා 15% ක් විශාලයි. ඒවගේම මේකෙ කපාල ධාරිතාවය ඉතාමත් වැඩියි. මේ ලොකු හිස් කබල් වල උපරිම කපාල ධාරිතාවය ඝණ සෙන්ටිමීටර 3200 ක් හා අවමය ඝණ සෙන්ටිමීටර 2600ක් ලෙසයි දැක්වෙන්නේ. අපේ කපාල ධාරිතාවය කීයද දන්නවද ? යන්තම් ඝණ සෙන්ටිමීටර 1450ක් විතරයි. මේ අලි ඔළු මිනිස්සුන්ගේ නම් වෙන්න බෑ කියලා විද්‍යාඥයෝ එකහෙලාම කියා සිටිනවා. එතකොට මේවා කාගෙද ඈඃ...?
http://www.enigmas.org/aef/lib/archeo/askulls.shtml
 


----------------------------------------------------------------------------------

3. 
මේ රූපය නම් එච්චර පැහැදිලි නෑ හැබැයි. ඒ වුනත් පරිස්සමෙන් බැලුවොත් යම් සටහනක් දකින්න පුළුවන්. ඇල්බාන් කඳුවැටියේ වාසය කලා යැයි සැලකෙන ඔල්මෙක් ගෝත්‍රිකයන් විසින් කැටයම් කලා යැයි සිතිය හැකි මේ රූපයෙන් දැක්වෙන්නේ අවර පෙති සහිත නූතන හෙලිකොප්ටරයකට සමාන ගුවන් යානයක් කියලයි පර්යේෂකයන් නම් කියන්නේ. බලන්න ඔයාලටත් අඳුන ගන්න පුලුවන්ද කියලා...



----------------------------------------------------------------------------------

4. 
මෙන්න මේක නම් මම ආසම වස්තුවක්. තවත් නියමම අභිරහසක්. මේ රත්රන් වස්තුව හමුවෙලා තියෙන්නේ ප්‍රාග්-කොලොම්බියානු සොහොන් ගැබකින්. මේක අවුරුදු 1800 ක් විතර පරණයි කියලා තමයි අනුමාන කරන්නේ. මේක යම් කිසි සත්ත්වයෙක්ගේ අනුරුවත් කියලා මුලින් හිතුවත් පස්සේ මේක ගුවන් යානාවක අනුරුවක් කියලා තහවුරු කරගෙන තියෙනවා. මේක අනුරුවක් වුවත් වායු-ගති විද්‍යාවට (Aero-dynamics)අනුරූප ලෙස විද්‍යානුකූලව තනා තියෙනවා. ඒ වගේම ගුවන් යානයක අඩංගු විය යුතු සියළුම ලක්ෂණ මෙහි අඩංගුයි. අවුරුදු 1800 කට කලින් ජීවත් වුනු අප්‍රිකානුවෝ වායු-ගති විද්‍යා නියමයන් දැනගෙන හිටිය බව මේ නිර්මාණයෙන් ඔප්පු වෙනවා...!

----------------------------------------------------------------------------------

5. 
මේ රූපයේ තියෙන්නේ සිතියමක් කියලා පේනවනේ නේද ? Buache සිතියම ලෙස හඳුන්වන මේක පුරාණ ග්‍රීක සිතියමකින් පිටපත් කරගෙන ඇඳලා තියෙන්නේ 1737 දී. මෙතන පෙන්නලා තියෙන්නේ ඇන්ටාර්ක්ටිකාව කියලා අඳුනගන්න පුළුවන් නේද ? හැබැයි අයිස් නැතුව ගොඩබිම විතරයි. බලන්න මෙතනින් ගිහින් වර්තමාන ඇන්ටාර්ක්ටිකාව පේන්නේ කොහොමද කියලා. අධික ශීතල නිසා මුළු ඇන්ටාර්ක්ටිකාවම අයිස් වලින් වැහිලා තියෙන්නේ. ඇන්ටාර්ක්ටිකාව භූමි කොටස් දෙකකින් යුක්තයි කියන එන භූ භෞතික පරීක්ෂණ ක්‍රම මගින් හොයාගත්තේ1968 වර්ෂයේදී. ඒත් මේ අවුරුදු 230 ක් පැරණි සිතියමේ ඒ කාරණය නිවැරදිව දක්වලා තියෙනවා. මේක ඊටත් කලින් තිබිච්ච පැරණි ‍ ග්‍රීක සිතියමකින් කොපි කරපු එකක් නිසා ග්‍රීක යුගයේදිත් ඇන්ටාර්ක්ටිකාව කොටස් දෙකක් කියන එක දැනන් ඉඳලා තියෙන්න ඕනෙ. එහෙම නේද ?

----------------------------------------------------------------------------------

6. 
ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර ගැන වගේම දකුණු ඇමරිකානු ගෝත්‍රික ජනයා ගැන ඔයත් උනන්දුවක් දක්වනවා නම් අනිවාර්යයෙන්ම මේ මොනවද කියලා අඳුන ගන්න ඕනෙ. ඔව්... මේ තමයි සුප්‍රසිද්ධ ඉකා පාෂාණ. මේ ගැන ලියනව නම් වෙනම පෝස්ට් එකක් කරන්න වෙනවා. ඒ තරම්ම ආකර්ශණීය මාතෘකාවක්. රයිට්... කෙටියෙන් කියන්නම්... මේ ඉකා පාෂාන කියන්නේ පේරු රටේ ඉකා කාන්තාරයෙන් හමුවුනු රූප කැටයම් කල ගල් කැට සමූහයක්. ආචාර්ය ජාවියර් කැබ්‍රේරා විසින් මේ ගල් කැට දහස් ගණනක් පිළිවෙලින් ලැයිස්තුගත කරලා තමන්ගේ පුද්ගලික කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. මේ ගල් කැට වල එක එක අමුතු දේවල් තමයි කැටයම් කරලා තියෙන්නේ. මේවායේ තියෙන කැටයම් වලින් වැඩි හරියක් 18+. ඒක අපිට අදාල නෑනේ... හරි... මේ රූපයේ තියෙන ගල් කැටයමේ දැක්වෙන්නේ හදවත් සැත්කමක් සිදුකරන ආකාරයක්...! පුරාණ දකුණු ඇමරිකානු ශිෂ්ඨාචාර වලට කිසිසේත්ම අදාල නැති මේ වගේ අරුම පුදුම සිද්ධි ගොඩක් මේ ගල් කැට වල කැටයම් වෙලා තියෙනවා... මේවා මොකට කෙටුවද කියලා තේරුම් ගන්න අමාරුයි...!

----------------------------------------------------------------------------------
7. අරුම පුදුම දඟර...!!! මේවා දැක්කම එච්චර වෙනසක් නෑ නේද ? එත් විශ්වාස කරන්න මේවා ස්ථිර වශයෙන්ම අවුරුදු 20000 කට වඩා පරණයි. ඒ වගේම විද්වත් මතයට අනුව සමහර විට ‍අවුරුදු ලක්ෂ 3 කට වඩා පැරණි වෙන්නත් පුළුවන්. කාල නිර්නය කිරීමේ අපහසුව තමයි මේ අවිනිශ්චිතතාවයට හේතුව. රුසියාවට අයත් යූරල් කඳු වැටියේ නැගෙනහිර අන්තයෙන් ගලා බසින කුඩා ගංගාවක් වන Naradaගංඟාවෙන් තමයි මේ අසාමාන්‍ය සර්පිලාකාර වස්තුන් හම්බවෙලා තියෙන්නේ. මේවායේ ලොකුම වස්තුව සෙන්ටිමීටර 3 ක් (3 cm)වන අතර කුඩාම වස්තුන් ගේ ප්‍රමාණය මිලිමීටර් 0.003 ක්...! ලොකු ඒවා තඹවලින් තමයි හැදිලා තියෙන්නේ. ගොඩක්ම කුඩා ඒවා ටංස්ටන් හා මොලිබ්ඩිනම් වැනි දුර්ලභ ලෝහ වලින් හැදිලා තියෙන්නේ. මේ කුඩා වස්තූන්ගෙන් බොහෝ ඒවා අන්වීක්ෂීය වස්තූන්. ඒත්... ඇහැට පේන්නැති තරම් පුංචි වුනත් මේ හැම සර්පිලාකාර වස්තුවකම ඇති සර්පිල වල මිනුම් ස්වර්ණ අනුපාතිකයට (Golden Mean ratioසමාන ‍වන ලෙසින් නිමවා තියෙනවා...

http://home.fireplug.net/~rshand/streams/science/russcrew.html
 

----------------------------------------------------------------------------------

8. 
මේ ප්ලියෝසීන යුගයේ ජීවත් වුනු Toxodon කියන සතාගේ කලවා ඇටයක්... ඊතලයකින් ලකුණු කරලා තියෙන්නේ හෙල්ලකින් හෝ ඊතලයකින් හෝ අස්ථිය පසා කරගෙන ගිය සලකුණක්. (මට නම් ඕක පේන්නෙම mini-USB පෝර්ට් එකක් වගේ...)ඉතින් මොකක්ද මේකෙ තියෙන විශේෂත්වය ? මේ අස්ථිය ප්ලියෝසීන යුගයට අයත් එකක්ලු...!!! ඒ කාලේ දුණු, ඊතල, හෙල්ල හදන්න මිනිස්සු තියා වානරයන් වත් ඇතිවෙලා නෑ නොවැ...!!!

----------------------------------------------------------------------------------

9. 
මමි ගැන නොදන්න කෙනෙක් නෑනෙ. මේක සුවිශේෂී කුරුමිටි මමියක්. ඒවගේම හරිම අද්භූතජනකයි. 1932 වර්ෂයේ ඇමරිකාවේWyoming හි කැස්පර් හි සිට සැතපුම් 60 ක් නිරිතදිගින් පිහිටි පේදුරු කඳුවැටියෙන් හමුවූ මේ මමිය අස්වාභාවික ලෙස ප්‍රමාණයෙන් කුඩායි. අඳුරු ලෝකඩ පාට වුන, බොහෝ සේ රැළි වැ‍ටුන මේ මමිය පුරුෂයෙකුගේ බවත්, අවුරුදු 65 ක් පමණ ජීවත් වෙන්නට ඇති බවටත් පර්යේෂකයින් අනුමාන කරනවා. පුදුමෙ කියන්නේ මෙයා ජීවතුන් අතර ඉද්දි උස යන්තන් අඟල් 14 යි ලු...! ඒ ව‍ෙග්ම සජීවී බර කිලෝ පහමාරයි...! මමිය නම් යන්තම් ග්‍රෑම් 350 යි. මෙයාගේ නළල ගොඩක් පාතයි. නාසය පැතලියි, පොඩිවෙලා වගේ. කට පළල් - තොල් තූනීයි. මේ මමිය අයත් මනුෂ්‍යයා පෘථිවිය තුල ජීවත්වන කිසිම මනුෂ්‍ය ආකාරයකටත් වඩා ගොඩාක්ම කුඩායි. පේදුරු කඳුවැටියෙන් ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත්වෙන ආදිවාසීන් පවසන්නේ අතීතයේ මේ ප්‍රදේශය වාසස්ථානය කරගත් මෙවැනි වාමන මිනිසුන් විශාල සංඛ්‍යාවක් සිටි බවයි...!

http://www.pometia.it/misteria/GliGnomi.htm
 
http://www.geocities.com/TheTropics/...345/pedro.html
 
http://augustachronicle.com/stories/...ea_floyd.shtml
 

----------------------------------------------------------------------------------

10. 
දැක්ක ගමන් පේනවා නේද මේ ගල් කුට්ටියේ ප්‍රමාණය. මේ තමයි ලෝකයේ විශාලතම කපන ලද පාෂාණය. පරිමානයට බැලුවම හිතාගන්න පුලුවන් නේ - තට්ටු දෙකේ ගෙයක් විතර උසයි...! මේ හතරැස් ගල් කුට්ටිය තියෙන්නේ ලෙබනනයේ බාබැක් ප්‍රදේශයේ අවුරුදු දහස් ගාණකට පෙර අත්හැර දැමූ ගල් කොරියක. බර... ටොන් 1050 ක් ! අඩි 72 ක් දිගයි ! මොනොලිත් (තනි ගල් කුට්ටිය) ලෙස හඳුන්වන මේ පාෂාණය මේ විදියට කැපුනේ කවුද ? මේක ප්‍රවාහනය කලේ කොහොමද ? නූතන යන්ත්‍ර සුත්‍ර වල ආධාරයෙන් තොරව ආදිකාලීන මනුෂ්‍යයාට මේ තරම් විශාල ගල් කුට්ටියක් හොල්ලන්න වත් බෑ. මේක කපලා අරගෙන යන්න මිනිහෙක් වගේ පස් හය ගුණයක් වත් ලොකු වෙන්න ඕනේ... (මේ මට හිතෙන දේ... පිරමීඩ වලට ගල් කුට්ටි අරන් ගියේ ලෙබනනයෙන්ද දන්නෑ... )



----------------------------------------------------------------------------------

11. 
පේරු කියන්නේ ඊජිප්තුව වගේම අති පුරාණ ශිෂ්ඨාචාර කීපයකම නිජබිම. මේ පේරුහි ලෝකඩ දැතිරෝද... කාර්යය අතින් නම් මේවා නූතන ගියර් රෝද වලටම සමානයි. මහාචාර්ය රෆායෙල් ලාර්කෝ හොයිලි පේරු ගැන සිදුකල ඔහුගේ අධ්‍යයනයන් වලදී මේ ගැන පුළුල්ව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. අවුරුදු දහස් ගාණක් ඈත කාලේ මේ දැති රෝද හැදුවේ මොකටද කියලා හිතාගන්න බෑ. 

----------------------------------------------------------------------------------

12. 
අභ්‍යවකාශ යුගය පටන් ගත්තේ 1950 න් පස්සේ කියලනේ අපි දන්නේ. ඒත් අභ්‍යවකාශ යානා හා ගගනගාමීන්ගේ රූප / ප්‍රතිමා ලෝකය පුරාම තියෙනවා. මේවා ගොඩක් පරණ නිර්මාණයන්. මිනිසා අභ්‍යවකාශය ගැන හීනෙකින් වත් හිතලා නැති කාලේ කරපු නිර්මාණයන්. ඊළඟට පෙන්නන්න යන්නේ ඒ වගේ දේවල් කීපයක්. මේ රූපයේ දැක්වෙන ප්‍රතිමාව යුරෝපයෙන් හමුවූවක්. කීව් හි ගගනගාමියා ලෙස හැඳින්වෙන මේ ප්‍රතිමාවෙන් පුරාණ අභ්‍යවකාශගාමියෙක් නිරූපණය වෙනවා.



----------------------------------------------------------------------------------

13. 
ප්‍රාග් ඓතිහාසික ජපන් පිලිරූ දෙකක් වන මේ දෙකම පැහැදිලි ලෙසම ගගනගාමීන් බව හඳුනාගත හැකියි. මේ රූප දෙස හොඳින් බැලුවොත් අභ්‍යවකාශ ගාමීන්ට සුවිශේෂ වූ ඇඳුමත්, ලොකු හිස් ආවරණය විශේෂ අගුලු ක්‍රමයකට ඇඳුම හා සම්බන්ධ වෙන ආකාරයත් පේනවා. වම් පැත්තේ පිළිමයේ ඉන්න ගගනගාමීයාගේ හිස් ආවරණය විශේෂයි. ඒකෙ තියෙන ලොකු ඇස් ආවරණ දෙක පැහැදිලිවම කියා පාන්නේ අධික ආලෝකයෙන් ඇස් ආවරණය කෙරෙන විධික්‍රමයක් මේ පිළිමය නෙළන කාලෙත් දැනන් හිටියා කියන එකයි. ප්‍රාග් ‍‍ඓතිහාසික කාලේ මේ වගේ ගගනගාමී සිතුවිලි ජපනුන්ට කොහෙන් ආවද මන්දා...!



----------------------------------------------------------------------------------